ගම්පොළට කුඩු බෙදන සොක්කන්ගේ මහ කෙරුමා අත්අඩංගුවට

ගම්පොළ ප්‍රදේශයේ හෙරොයින් අලෙවිකරුවන්ට මහ පරිමාණයෙන් කුඩු සපයන ජාවාරම්කරුවකු ගම්පොළ පොලිස් දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. යට ඇඳුම් 2ක් ඇඳ ඒ තුළ හෙරොයින් ග්‍රෑම් 50ක් රැගෙන එමින් සිටියදී සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ගම්පොළ, ගම්පොළ වෙලපල්ලිය අසල පදිංචි 26 හැවිරිදි සැකකරු කොළඹ කොට්ටාව සිට මේ ආකාරයට ගම්පොළට හෙරොයින් රැගෙන එන බව හෙළිව තිබේ.

මෙම සැකකරු මහනුවර හා කෑගල්ල ප්‍රදේශවලින් විවාහ 2ක් සිදුකරගෙන ඇති අතර එක් දරුවෙක්ද සිටී. හෙරොයින් රැගෙන ඒමට කොළඹට එන දිනවලට කෑගල්ල සිටින බිරිඳගේ නිවසේ නතරවී යාමට පුරුදුව ඇත්තේ උපක්‍රමයක් ලෙස බව මොහු පවසයි. ලොකේෂන් තැබීම යන ක්‍රමයට හෙරොයින් ජාවාරම සිදුකර ඇති බවද හෙළිව තිබේ. රුපියල් ලක්ෂ 6කට රැගෙන ඇති මෙම කුඩු ග්‍රෑම් 50 තුළින් රුපියල් ලක්ෂ 15ක් පමණ ඉපැයිය හැකි බව මොහු පොලිසියට පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?