දග පන්දු යවන ක්‍රීඩකයෙකුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට අනාවරණයක්

දකුණු අප්‍රිකානු වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ඇරොන් පැන්ගිසෝ ගේ (Aaron Phangiso) පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව දකුණු අප්‍රිකානු T20 ලීග් තරඟාවලිය අතරතුර අනාවරණ වී තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ සහ ජොබර්ග් සුපර් කිංග්ස් (Joburg Super Kings) කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක Aaron Phangiso දැනට පැවැත්වෙන T20 තරඟාවලියේදී යි සැක සහිත පන්දු යැවීමක නිරත වූ බවට වාර්තා වී ඇත්තේ.

පසුගිය අඟහරුවාදා ප්‍රිටෝරියා කැපිටල්ස් සමඟ පැවති සුපර් කිංග්ස් තරඟයේදී තරඟ නිලධාරීන් ෆන්ගිසෝ ගේ සැක සහිත පන්දු යැවීම නිරීක්ෂණය කර තිබෙනවා.

තරඟාවලියේ සැක සහිත නීතිවිරෝධී පන්දු යැවීමේ ක්‍රියාව පන්දු යැවීමේ ක්‍රියාකාරි මණ්ඩලයේ නිරීක්ෂණයට ලක් කෙරෙන අතර එය විනිශ්චය කර නිගමනයකට එලඹෙනු ඇති.

තරඟ තීරක ජෙරී පිනාර්, හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක වර්නන් ෆිලැන්ඩර් සහ CSA හි ඉහළ කාර්ය සාධන කළමනාකරු වින්සන්ට් බාන්ස් යන අයගෙන් මෙම මණ්ඩලය සමන්විතයි.

තරගයේ වීඩියෝ දර්ශන සමාලෝචනය කිරීමට මණ්ඩලයට දින හතක කාලයක් පවතින අතර අදාළ කාලය තුල ෆන්ගිසෝට සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් තවදුරටත් පන්දු යැවීමේ හැකියාව පවතිනවා.

ෆන්ගිසෝගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වූ දෙවැනි අවස්ථාව මෙයයි.

2016 වසරේදී මොමෙන්ටම් එක්දින කුසලානයේ අර්ධ අවසන් පූර්ව තරගයේදී වොරියර්ස් කණ්ඩායමට එරෙහිව ලයන්ස් කණ්ඩායම ජයග්‍රහණය කළ අවස්ථාවේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වේ සැක සහිත භාවය ගැන පළමුවෙන් වාර්තා වූ නමුත් ඊට පිළියම් යෙදීමෙන් පසුව චෝදනාවලින් නිදහස් කෙරුණා.

ජොහැන්නස්බර්ග්හිදී කැපිටල්ස් පිලට එරෙහිව ක්‍රීඩා කළ ෆන්ගිසෝ ලකුණු 32කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

38 හැවිරිදි Phangiso දකුණු අප්‍රිකාව වෙනුවෙන් ODI තරඟ 21ක් සහ T20I තරඟ 16ක් ක්‍රීඩා කර ඇති අතර, එහි අවසන් තරඟය 2018 පෙබරවාරි මාසයේදී කේප්ටවුන්හිදී ඉන්දියාවට එරෙහිව පැවැත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57