මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනය කිරීම ගැන CID පරීක්ෂණයක්

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට ඊයේ රාත්‍රියේ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ ඊයේ රාත්‍රියේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට ඊයේ රාත්‍රියේ තර්ජන එල්ල වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙදෙනා පොලිසියට පැමිණිල්ලක් ද ගොනු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ මැතිවරණය සම්බන්ධයෙන් වාද විවාද පැවැත්වෙන්නේ මෙවැනි සිදුවීම් පසුබිමක බවද ප්‍රේමදාස මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38