පාසල් නිල ඇඳුම් රෙදි තොගයක් චීනයෙන්

2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී තිබෙනවා.

මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා විසින් එම රෙදි පිළි තොගය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත නිල වශයෙන් භාරදීම අද සිදු කෙරුණේ කොළඹ වරාය පරිශ්‍රයේ දී යි.

සිසුන්ට සෘජු ව ම ලබා දිය හැකි වන පරිදි කපා අසුරා ලේබල් කර ඇති එම රෙදි තොගයෙන් 1/3ක ප්‍රමාණයක් මේ වන විටත් මෙරටට ලැබී ඇති අතර ඉදිරියේ දී කෙටි කලක් තුළ ඉතිරි රෙදි පිළි තොගය ද ලැබීමට නියමිතව තිබෙනවා.

2023 පාසල් අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් මාර්තු 20 වන විට දිවයින පුරා රජයේ හා රජයේ ආධාර ලබන සියලු පාසල් මෙන් ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ලක්ෂ 41ක් වූ දරුවන් සහ භික්ෂූන්වහන්සේ වෙනුවෙන් ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී කියාසිටියේ.

මෙරට රජයේ පාසල් දිවා ආහාර වැඩසටහන සඳහා දෙනු ලබන පරිත්‍යාගයක් වශයෙන් චීන රජයෙන් අවස්ථා කිහිපයක දී කොටස් වශයෙන් ලබා දුන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක ප්‍රමාණය මේ වන විට මුළුමනින් ම සපයා අවසන් බව ද මෙහි දී වැඩබලන චීන තානාපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10
Video thumbnail
Kasthirama | "අපරාධ මර්දනය, නීතිය සහ භීතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:38:47
Video thumbnail
තහනම් නීතියට පිපුණු මල් කොටු කළ මෙහෙයුම..දෙවියනේ..හොයාගන්න තියා හිතන්නවත් බෑ..
03:40
Video thumbnail
ගජරාමෙට පෙරූ නීතී විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි..බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
01:25
Video thumbnail
ලොරියක් ප්‍රපාතයකට පෙර#මෙන් රියදුරු රෝහලට.."එකෙක් උදව් කරන්නේ නෑනේ"
02:13
Video thumbnail
සංවිධානත්මක අපරාධකරුවන් සඳහා නව නීතියක් එළියට..නීතිය මදියි ඒකයි මෙයාලා මෙච්චර දඟලන්නේ
03:08


?