ජනතා නිදහස් සන්ධානය පහන ලකුණින් මැතිවරණයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඇතුලු හවුල්කාර පක්ෂ ජනතා නිදහස් සන්ධානය නමින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසනවා.

නිදහස් පක්ෂ ක්‍රියාකාරිකයන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු කියාසිටියේ පහන ලකුණින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන බවයි.

ඊට අදාළ සියලු කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව ද ශාන් විජයලාල් ද සිල්වා මහතා සඳහන් කළා.

කෙසේවෙතත් අද පැවති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ සන්ධානයක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණේ ඉතා සුළු වේලාවක් පමණක් බවයි.

එම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධානයට ලක්වූයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සම්බන්ධයෙන් බවයි ඔහු පෙන්වා දුන්නේ. ලකුණක් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම මහලේකම් දයාසිරි ජයසේකර ද මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර දමිළ ප්‍රගතිශීලි සන්ධානය සමගි ජනබලවේගය සමග සන්ධානගත වී මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.

මැතිවරණය වෙනුවෙන් දමිළ ප්‍රගතිශීලි සන්ධානය නාම යෝජනා ද සකස් කර ඇති බවයි හැටන් නගරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියාසිටියේ.

මැතිවරණය පැවැත්වුවහොත් සමගි ජනබලවේගය අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බවද මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57