“ඒක නෝබෝල් පරාජයක්” ඉන්දියාව ලැබූ පරාජයට ප්‍රවීනයින්ගෙන් දෝස්මුරයක්

ඉන්දීය කණ්ඩායමේ පරාජයට ප්‍රධාන හේතුව නිපන්දු යැවීම බව ඉන්දීය ක්‍රිකට් ප්‍රවීනයින් චෝදනා කරනවා.

ඔවුන් පවන්නේ මෙම පරාජය ‘නෝබෝල් පරාජයක්’ බවයි.

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ශ්‍රී ලංකාව සමඟ ඊයේ තරගයෙන් පසු ස්ටාර් ස්පෝර්ට්ස් හි පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව සඳහන් කර සිටියා
.
දිගු කාලයක් කණ්ඩායමෙන් ඉවත්ව සිටි පසු අර්ෂ්දීප් වහාම කණ්ඩායමේ එකොළොස් දෙනා අතරට පැමිණීම, ඔහුගේ අවිධිමත් හා රිද්මයානුකූල නොවන පන්දු යැවීමට හේතුව බවයි ගාම්භීර් වැඩිදුරටත් සඳහන් කළේ.

එම සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ගෞතම් ගාම්භීර්,

“බෝල හතක් හිතන්න, ඒක හරියට ඕවර 21කට වඩා යවනවා වගේ. හැමෝම නරක පන්දු යවනවා හෝ නරක පහරවල් ගහනවා, නමුත් එය රිද්මය ගැනයි. ඔබ ආබාධයකින් පසුව එනවා නම්, ඔබ ජාත්‍යන්තර තරඟයක් ක්‍රීඩා නොකළ යුතුයි, ඔබ දේශීය ක්‍රිකට්වලට ගොස් රිද්මය නැවත ලබාගත යුතුයි ජාත්‍යන්තර ක්‍රීඩාවක් ක්‍රීඩා කරන්න. අර්ෂ්දීප් සිං ඔහුගේ රිද්මය සමඟ අරගල කරන විට එය පැහැදිලිව දැකගත හැකි වුණා.”

පන්දු යවන්නන් නෙට් පුහුණුවීම් සහ පුහුණු සැසිවලදී නොබෝල් යැවීම හේතුවෙන් ජාත්‍යන්තර තරගයකදී වුව ද එවැනි වැරදි නිතර නිතර සිදුවීමට ඉඩ ඇති බවයි හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

ඊයේ තරගයේ දී ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං දුර්වල පන්දු යැවීමක් පෙන්නුම් කළ අතර, ඔහු යැවූ පන්දු වාර 02 තුළ ලකුණු 37ක් ලබා දුන්නා.

එමෙන්ම එම පන්දුවාර 02 තුළ දී නිපන්දු 05ක් ද ඔහු විසින් යවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?