“ඒක නෝබෝල් පරාජයක්” ඉන්දියාව ලැබූ පරාජයට ප්‍රවීනයින්ගෙන් දෝස්මුරයක්

ඉන්දීය කණ්ඩායමේ පරාජයට ප්‍රධාන හේතුව නිපන්දු යැවීම බව ඉන්දීය ක්‍රිකට් ප්‍රවීනයින් චෝදනා කරනවා.

ඔවුන් පවන්නේ මෙම පරාජය ‘නෝබෝල් පරාජයක්’ බවයි.

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ශ්‍රී ලංකාව සමඟ ඊයේ තරගයෙන් පසු ස්ටාර් ස්පෝර්ට්ස් හි පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව සඳහන් කර සිටියා
.
දිගු කාලයක් කණ්ඩායමෙන් ඉවත්ව සිටි පසු අර්ෂ්දීප් වහාම කණ්ඩායමේ එකොළොස් දෙනා අතරට පැමිණීම, ඔහුගේ අවිධිමත් හා රිද්මයානුකූල නොවන පන්දු යැවීමට හේතුව බවයි ගාම්භීර් වැඩිදුරටත් සඳහන් කළේ.

එම සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ගෞතම් ගාම්භීර්,

“බෝල හතක් හිතන්න, ඒක හරියට ඕවර 21කට වඩා යවනවා වගේ. හැමෝම නරක පන්දු යවනවා හෝ නරක පහරවල් ගහනවා, නමුත් එය රිද්මය ගැනයි. ඔබ ආබාධයකින් පසුව එනවා නම්, ඔබ ජාත්‍යන්තර තරඟයක් ක්‍රීඩා නොකළ යුතුයි, ඔබ දේශීය ක්‍රිකට්වලට ගොස් රිද්මය නැවත ලබාගත යුතුයි ජාත්‍යන්තර ක්‍රීඩාවක් ක්‍රීඩා කරන්න. අර්ෂ්දීප් සිං ඔහුගේ රිද්මය සමඟ අරගල කරන විට එය පැහැදිලිව දැකගත හැකි වුණා.”

පන්දු යවන්නන් නෙට් පුහුණුවීම් සහ පුහුණු සැසිවලදී නොබෝල් යැවීම හේතුවෙන් ජාත්‍යන්තර තරගයකදී වුව ද එවැනි වැරදි නිතර නිතර සිදුවීමට ඉඩ ඇති බවයි හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

ඊයේ තරගයේ දී ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං දුර්වල පන්දු යැවීමක් පෙන්නුම් කළ අතර, ඔහු යැවූ පන්දු වාර 02 තුළ ලකුණු 37ක් ලබා දුන්නා.

එමෙන්ම එම පන්දුවාර 02 තුළ දී නිපන්දු 05ක් ද ඔහු විසින් යවනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14