ඉන්දියාවට එරෙහි දසුන්ගේ නොදැවුණු ඉනිම වාර්තා අතරට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (05) පූනේ හිදී පැවති දෙවන විස්සයි විස්ස තරගය පිළිබදව මේ වනවිට බොහෝ දෙනෙකු අතර කතා බහට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දක්ෂතා හේතුවෙන් මෙම තරගය ලකුණු 16කින් ඉන්දීය කණ්ඩායම පරාජයට පත් වුණා.

මෙහිදී ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ සුපිරි පිතිහරඹය ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර 20 තුළ ලකුණු 206ක් දක්වා ඉහළට ඔසවා තබන්නට මහඟු දායකත්වයක් ලබා දුන්නා.

මෙම තරගයේ දී දසුන් පන්දු 22කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 56ක් රැස්කළ අතර ඔහුගේ මෙම ඉනිමට දැවැන්ත හයේ පහර 06ක් සහ දර්ශනීය හතරේ පහර 02ක් ඇතුලත් වුණා.

පන්දු 22ක් තුළ ගොඩනැඟුණු දසුන්ගේ මෙම ඉනිමේ ප්‍රහාරාත්මක වේගය (Strike rate) සටහන්ව තිබුණේ 254.54ක් ලෙසටයි.

මේ අතර දසුන්ගේ මෙම සුපිරි ඉනිම වාර්තා අතර එක්වන්නේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ ඉන්දියාවට එරෙහිව ක්‍රීඩකයෙකු ප්‍රහාරාත්මක වේගය 250 ඉක්මවමින් ලකුණු 50ක් වාර්තා කළ පළමු අවස්ථාව මෙය බවට පත් වීමත් සමඟයි.

එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරගයක දී වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට ද ශ්‍රී ලංකා නායක දසුන් ශානකට ඊයේ හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
412
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?