දුරුතු පුන් පොහොය අදයි

වසරේ පළමුවන පුර පසළොස්වක පොහොය වන දුරුතු පුන් පොහෝ දිනය අදට (06) යෙදී තිබේ. 

ශ්‍රී ලක්වාසි බුදුනුවන්ට මෙදින වැදගත් වන්නේ බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූයේ අද වන් දිනක වන බැවිනි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කොට, නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වැසි ජනයාගේ වන්දනාමාන පිණිස කේශධාතු මිටක් පිරිනැමූ අතර, එම කේශධාතු නිදන් කොට මහියංගණ චෛත්‍යය ඉදි කරන ලද බව සාසනික ඉතිහාසයේ සඳහන් වේ.

බුදුන් වහන්සේ උරුවෙල් දනවුවට වැඩම කොට තුන් බෑ ජටිලයන් වූ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු දහසක් පමණ දෙනාට සදහම් මාර්ගය පහදා දී, අරහත්භාවයට පත් තුන් බෑ ජටිල තෙරුන් සහ ඔවුන්ගේ පිරිවර සමඟ මගධය වෙත වැඩම කර, බිම්බිසාර රජුට දහම් දෙසා, රජු සහ එනුවර වැසියන් තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත් කළේද බිම්සර රජු වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහෝ දිනකය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?