පළමු තරගයේ පරාජයට හේතුව ශ්‍රී ලංකා සහාය පුහුණුකරු කියයි

ඉන්දියාවට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයේදී මුල් පෙළ පිතිකරුවන්ගෙන් මීට වඩා සහායක් ලැබුනේ නම් තරගය පහසුවෙන් ජය ගැනීමට හැකියාව තිබූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් පවසනවා.

තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (03) පැවැති තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ තියුණු තරගයකින් පසු ලකුණු 02ක පරාජයකට මුහුණ දුන්නා.

අවසන් පන්දුවාරය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 13 ක් ලබා ගැනීමට තිබූ නමුත් කඩුල්ලේ රැදී සිටි චාමික කරුණාරත්න ඇතුළු සෙසු පිතිකරුවන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 10ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වන අතරතුර පළමු කඩුලු 5 ම ලකුණු 65ක් ඇතුළත බිඳ වැටීම නිසා මැද පෙළ පිතිකරුවන්ට තරගයේ වැඩි බරක් පැටවුණා.

මෙහිදී 6 වැනි කඩුල්ලට එක් වුණු දසුන් ශානක සහ වනිදු හසරංග පන්දු 23 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක් පවත්වමින් අවසන් පන්දුව දක්වා තියුණු මුහුණුවරක් ගනු ලැබූ තරගයට ප්‍රධාන අඩිතාලම එක් කළා.

කෙසේ වෙතත් පන්දු 27 කදී ලකුණු 45 ක් ලබා ගත් දසුන් ශානකත්, පන්දු 10 කදී ලකුණු 21ක් රැස් කළ වනිඳු හසරංගත් ජයග්‍රහණයට ලකුණු 34 ක් තිබියදී දැවී යෑම ශ්‍රී ලංකාවට අතිශය පාඩුවක් ගෙන දුන්නා.

කෙසේ වෙතත් පසු පෙළ පිතිකරුවන් සමඟ එක් වුණ චාමික තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් අවසන් පන්දුවේදී රැස් කරගත යුතු ලකුණු 4 අභියෝගය ජය ගැනීමට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ.

“මං හිතනවා අපි පිතිකරණයෙන් වැරදි කලා කියලා” යැයි තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී නවාස් කියාසිටියා.

“විශේෂයෙන් කිව්වොත් මුල් පෙළ පිතිකරුවන්ගෙන් මීට වඩා සහායක් ලැබෙන්න තිබ්බා කියලා මම විශ්වාස කරනවා. නමුත් පසු පෙළ පිතිකරුවන්ගෙන් හොඳ කම්බැක් එකක් දීලා හොඳ තරගයකට ගෙනාවා. නමුත් අවාසනාවකට අපිට ඒක ඉවර කර ගන්න බැරි වුණා” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.

ඉන්දීය කණ්ඩායම අවසන් වතාවට ශ්‍රී ලංකාවට පැමිණ තරග කරන ලද 2021 වසරේ පැවැති තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණා.

එබැවින් ඉන්දියාව පරාජයට පත් කිරීම අමුතු දෙයක් වන්නේ නැහැ. එහෙත් තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට (05) පුණේහි දී පැවැත්වෙන දෙවැනි තරගය ජය ගැනීම අනිවාර්යය යි.

“ඊළඟ තරගයෙදී අපි මේ තරගයේ කරපු වැරදි ටික කතා කරගෙන මීට වඩා හොද තරගයක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඉන්දියාව වගේ කණ්ඩායමක් සමග අපි සෙල්ලම් කරනකොට අපි දන්නවා ඒගොල්ලෝ කොයි වගේද ක්‍රීඩා කරන්නේ කියලා. අපේ උපරම ක්‍රිකට් එක ඉදිරියට ගෙනල්ලා ක්‍රීඩා කළොත් තමයි අපිට රගයක් ජයග්‍රහණය කරන්න පුලුවන්. ඒ අනුව අපි උපරිමය දෙන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන් යැයි දෙවැනි තරගයට පෙර ඇති අභීයෝගය පිළිබඳව නවාස් අදහස් දැක්වුවා.

“මේ තණතීරුව ගත්තහම ජයග්‍රාහී ඉලක්කය ලකුණු 180ක් වගේ වෙනවා. නමුත් අපේ පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැව්වා. ඒ නිසා අපිට ඔවුන්ව ලකුණු 162 කට වගේ අඩු ගාණකට නවතාලීමට හැකියාව ලැබුණා. එය ඇත්තටම හොඳ දක්ෂතාවයක්. මම හිතන විදියට ඒක අපිට පහසුවෙන්ම හඹා යෑමට තිබූ ඉලක්කයක්. එහි වගකීම පිතිකරුවන් ගත යුතුයි” යැයිද සහාය පුහුණුකරුට අමතරව පිතිකරණ පුහුණුකරුවා ලෙසින්ද කටයුතු කරන නවාස් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32