පුද්ගල ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරමක් සඳහා යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදි 4ක් සහ මෝටර් රථ 3ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කලුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදු කළ මෙහෙයුමකදීයි මෙම සැකකරුවන් සහ රථ වාහන අත්අඩංගුවට පත්වී ඇත්තේ.
මෙම පුද්ගලයන් පානදුර සහ අනුරාධපුර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25ත් 30ත් අතර වයස්වල පසුවන්නන්.
පානදුර නිර්මල මාවතේ යතුරුපැදියකින් ගමන් කළ දෙදරු පියෙකු වෙඩිතබා ඝාතනය කිරීම, කටුබැද්ද 255 බස් මාර්ගයේ වෑන් රථයක් තුලදී පින්වත්ත සහ කළුදෑවල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම මෙන්ම කළුතර උතුර පොලිසියේ විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයාගේ වැලිපැන්න ප්‍රදේශයේ නිවසට ගිනි අවි රැගෙන පැමිණ කොල්ලකෑමට භාවිතා කළ යතුරුපැදියක්ද ඒ අතර වන බවටයි හෙළිවී ඇත්තේ.
සැකකරුවන්ගේ නිවෙස්වල තිබී යතුරුපැදි සොයාගෙන ඇති අතර, සුඛෝපභෝගී මෝටර් රථ පානදුර ප්‍රදේශයේ ස්ථාන තුනක සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.
මෙම වාහන තුන තීරුබදු රහිතව කොටස් වශයෙන් ගෙන්වා එකලස් කර ඇති අතර, ව්‍යාජ අංක තහඩු, ව්‍යාජ ආදායම් බලපත් සකස් කර භාවිත කර තිබු බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.
මනුෂ්‍ය ඝාතනයන් සදහා යොදාගත් ගිනි අවි සහ තවත් සැකකරුවන් පිරිසක් සොයා පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මකයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.