පුද්ගල ඝාතනවලට යොදාගත් වාහන 7ක් සමග 3ක් අත්අඩංගුවට

පුද්ගල ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරමක් සඳහා යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදි 4ක් සහ මෝටර් රථ 3ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදු කළ මෙහෙයුමකදීයි මෙම සැකකරුවන් සහ රථ වාහන අත්අඩංගුවට පත්වී ඇත්තේ.

මෙම පුද්ගලයන් පානදුර සහ අනුරාධපුර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25ත් 30ත් අතර වයස්වල පසුවන්නන්.

පානදුර නිර්මල මාවතේ යතුරුපැදියකින් ගමන් කළ දෙදරු පියෙකු වෙඩිතබා ඝාතනය කිරීම, කටුබැද්ද 255 බස් මාර්ගයේ වෑන් රථයක් තුලදී පින්වත්ත සහ කළුදෑවල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම මෙන්ම කළුතර උතුර පොලිසියේ විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයාගේ වැලිපැන්න ප්‍රදේශයේ නිවසට ගිනි අවි රැගෙන පැමිණ කොල්ලකෑමට භාවිතා කළ යතුරුපැදියක්ද ඒ අතර වන බවටයි හෙළිවී ඇත්තේ.

සැකකරුවන්ගේ නිවෙස්වල තිබී යතුරුපැදි සොයාගෙන ඇති අතර, සුඛෝපභෝගී මෝටර් රථ පානදුර ප්‍රදේශයේ ස්ථාන තුනක සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙම වාහන තුන තීරුබදු රහිතව කොටස් වශයෙන් ගෙන්වා එකලස් කර ඇති අතර, ව්‍යාජ අංක තහඩු, ව්‍යාජ ආදායම් බලපත් සකස් කර භාවිත කර තිබු බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

මනුෂ්‍ය ඝාතනයන් සදහා යොදාගත් ගිනි අවි සහ තවත් සැකකරුවන් පිරිසක් සොයා පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මකයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14