ICC සම්මාන 2022 – සුදුසුකම් ලැබූවන්ගේ නම් ලැයිස්තුව එළියට

2022 වසරේ ICC හොඳම ක්‍රීඩකයා සඳහා වන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකා ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පසුගිය මාස 12 තුළ ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය 2022, ICC පිරිමි T20 ලෝක කුසලානය 2022 සහ තවත් ද්විපාර්ශ්වික තරඟාවලි ඇතුළුව විශිෂ්ට දස්කම් දැක්වූ තරගාවලි උපයෝගී කරගනිමිනුයි මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.

ලොව පුරා සිටින ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ලේඛකයින් සහ විකාශකයින්ගෙන් සමන්විත සම්මාන මණ්ඩලය විසින් එක් එක් කාණ්ඩය සඳහා නම් කරන ලද අය තීරණය කර තිබෙනවා.

සම්මාන වෙනුවෙන් සුදුසුකම් ලබා ඇති ක්‍රීඩක ක්‍රීඩිකා ලැයිස්තුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිවෙකුගේ නම් ඇතුලත්ව නොතිබීම ද විශේෂත්වයක්.

ICC වසරේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය – 2022 වසරේ පිරිමි ජාත්‍යන්තර ක්‍රිකට් (ටෙස්ට්, එක්දින සහ T20I) හි හොඳම සමස්ත දක්‍ෂතා සඳහා

බාබර් අසාම්
බෙන් ස්ටෝක්ස්
සිකන්දර් රාසා
ටිම් සවුති

ICC වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා වන Rachael Heyhoe Flint කුසලානය – 2022 තුළ කාන්තා ජාත්‍යන්තර ක්‍රිකට් (ටෙස්ට්, ODI සහ T20I) හි හොඳම සමස්ත දක්‍ෂතා සඳහා

Nat Sciver
ස්මෘති මන්දනා
ඇමීලියා කර්
බෙත් මූනි

ICC වසරේ පිරිමි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – 2022 දී පිරිමි ටෙස්ට් ක්‍රිකට්වල හොඳම සමස්ත දක්‍ෂතා සඳහා

බෙන් ස්ටෝක්ස්
ජොනී බෙයාර්ස්ටෝ
උස්මාන් කවාජා
කගිසෝ රබාඩා

ICC වසරේ පිරිමි එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – 2022 තුළ පිරිමි එක්දින ක්‍රිකට් වල හොඳම සමස්ත දක්‍ෂතා සඳහා

බාබර් අසාම්
ඇඩම් සම්පා
සිකන්දර් රාසා
ෂායි හෝප්

ICC වසරේ කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව – 2022 කාන්තා එක්දින ක්‍රිකට් වල හොඳම සමස්ත දක්‍ෂතා සඳහා

ෂබ්නිම් ඉස්මයිල්
ඇමීලියා කර්
Nat Sciver
ඇලිසා හීලි

ICC වසරේ පිරිමි T20I ක්‍රිකට් ක්‍රීඩකයා – 2022 තුළ පිරිමි T20I ක්‍රිකට් වල හොඳම සමස්ත දක්‍ෂතා සඳහා

සූර්යකුමාර් යාදව්
සිකන්දර් රාසා
සෑම් කරන්
මොහොමඩ් රිස්වාන්

ICC වසරේ කාන්තා T20I ක්‍රිකට් ක්‍රීඩිකාව – 2022 තුළ කාන්තා T20I ක්‍රිකට් වල හොඳම සමස්ත දක්‍ෂතාව සඳහා

ස්මෘති මන්දනා
නීඩා ඩාර්
සොෆී ඩිවින්
Tahlia McGrath

ICC වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා – 2022 දී පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම නැගී එන ක්‍රීඩකයා සඳහා

මාර්කෝ ජැන්සන්
ඊබ්‍රාහිම් සද්‍රාන්
ෆින් ඇලන්
අර්ෂ්දීප් සිං

ICC වසරේ නැගී එන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව – 2022 කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම නැගී එන ක්‍රීඩිකාව සඳහා

රේණුකා සිං
ඩාර්සි බ්රවුන්
ඇලිස් කැප්සි
යස්ටිකා භාටියා

ඉහත සඳහන් කළ කාණ්ඩවලට අමතරව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වසරේ ICC පිරිමි සහකාර ක්‍රිකට් ක්‍රීඩකයා, ICC වසරේ කාන්තා සහකාර ක්‍රිකට් ක්‍රීඩිකාව, ICC Spirit of Cricket සම්මානය සහ වසරේ ICC විනිසුරු සම්මානය ද තෝරා ගනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23