වගා නොකරන පුරන් කුඹරු රජයට පවරා ගන්න යයි

2023 වසරේ දී මෙරට දිස්ත්‍රික් 08ක ඇති පුරන් කුඹුරු අක්කර 14,000ක් රජයට පවරාගෙන වගා කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ මාතලේ, නුවරඑළිය, වව්නියාව, කුරුණෑගල මන්නාරම, පුත්තලම හා බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල වසර 05ක් තිස්සේ වගා නොකළ කුඹුරු අක්කර 2774ක් හා ඉතිරි දිස්ත්‍රික්කවලින් තෝරාගත් පුරන් කුඹුරු අක්කර 11,256ක් ඇතුළත්ව අක්කර 14,000ක් රජයට පවරාගෙන වගා කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අනුව 2023 වසරේ දී ඉහත සඳහන් කළ දිස්ත්‍රික්ක 08 පුරන් කුඹුරු නොමැති දිස්ත්‍රික්ක බවට පත් වෙනු ඇති.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙරට සෑම දිස්ත්‍රික්කයකම තිබෙන පුරන් කුඹුරු ශුන්‍ය කිරීමේ වැඩ පිළිවෙළ අනුව මේ වනවිට අනුරාධපුර, පොලොන්නරුව, කිළිනොච්චිය, හම්බන්තොට, අම්පාර ,මුලතිව්, ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල පුරන් කුඹුරු සියල්ලම ශුන්‍ය තත්ත්වයට පත් කර තිබෙනවා.

2023 වසරේ දී ඉහත සඳහන් කළ දිස්ත්‍රික්ක 08හි දැනට පුරන් කුඹුරු වශයෙන් පවතින අක්කර 14,000ක් හඳුනාගෙන ඇති අතර මෙම පුරන් කුඹුරු සියල්ල වගා කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 550ක මුදලක් ලබා දී ඇතැයි සඳහන්.

මෙම පුරන් කුඹුරු රජයට පවරාගෙන වගා කිරීමට පියවර ගැනීමට පෙර අයිතිකරුවන්ට මාස 06ක කාලයක් ලබා දෙන ලෙසත්, එම කාලය තුළ ඔවුන් වගා කිරීමට පියවර නොගන්නේ නම් එම කුඹුරු ඉඩම් තාවකාලිකව වසර 05ක් සඳහා රජයට පවරා ගෙන වගා කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

මෙම කටයුතු සඳහා ගොවිජන පනත වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙසටයි අමාත්‍යවරයා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇත්තේ.

මෙතෙක් පුරන් කුඹුරු ශුන්‍ය කරන ලද දිස්ත්‍රික්ක 08ට අමතරව ඉතිරි දිස්ත්‍රික්ක 17 තුළ තවදුරටත් පුරන් කුඹුරු අක්කර 47,471ක් පවතිනවා.

මෙම සියලුම පුරන් කුඹුරු අයිතිකරුවන් වගා නොකරන්නේ නම් ඒවා රජයට පවරා ගැනීමෙන් අනතුරුව වගා කිරීමට ඉඩම් නොමැති තරුණ පිරිස්වලට වසර 05ක් යන තෙක් වගා කිරීම සඳහා ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම එක් කුඹුරු අක්කරයකින් වී බුසල් 60ක අස්වැන්නක් ලැබිය හැකි අතර වී බුසල් 840,000ක් අපේක්ෂා කරන බවයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29