2022 වසරේ අපරාධ 29930ක්

2022 වසරේ ගතව ූකාලය තුල මෙරට අපරාධ 29930ක් වාර්තාවී ඇතැයි තොරතුරු අනාවරණ වනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල කියාසිටියේ ඝාතන 497ක් සිදුව ඇති අතර ඉන් 223ක්ම වෙඩි තැබීම් හෝ පහරදීම් හේතුවෙන් සිදුවූ ඒවා බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද සමීක්ෂණවලින් එම සංඛ්‍යා අනාවරණය වී ඇති බව ඔහු සඳහන් කරනවා.

අපරාධවලින් 37%ක් බස්නාහිර පළාතෙන් ද, 13%ක් වයඹ පළාතෙන්ද, 10%ක් දකුණු පළාතෙන්ද, 09%ක් සබරගමුව පළාතෙන්ද, 08%ක් මධ්‍යම පළාතෙන්ද වාර්තා වී ඇති බවයි මහාචාර්යවරයා පෙන්වා දුන්නේ.

මේ අතර, මේ වසරේ ගත වූ කාලය තුළ දේපළවලට එරෙහි අපරාධ 16,317ක් සහ පුද්ගලයන්ට එරෙහි අපරාධ 5,964ක් වාර්තා වී තිබෙනවා.

පසුගිය මාස 11 තුළ පමණක් වාහන සොරකම් කිරීම් 1,466ක් වාර්තා වී ඇති බව ද සඳහන්.

මහාචාර්‍ය අතුකෝරල මහතා පවසන පරිදි බහුතරයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් වන අතර ඉන් 39%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර මංකොල්ලකෑම්වලින් 14%ක් වයඹ පළාතෙන් ද දකුණු පළාතෙන් 13%ක් ද වාර්තා වී තිබෙනවා.

මෙම වසරේ වැඩිම අපරාධ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කැලණිය පොලිස් කොට්ඨාශය වන අතර එම සංඛ්‍යාව 2,287ක් බවටයි මෙම වාර්තා අනාවරණය කරන්නේ.

මීට අමතරව අනුරාධපුරයෙන් අපරාධ 2058ක් ද නුගේගොඩ පොලිස් වසමෙන් අපරාධ 2018ක් ද වාර්තා වී තිබෙනවා.

මීගමුව, මහනුවර, කුරුණෑගල, ගල්කිස්ස, කොළඹ, රත්නපුර, ගම්පහ, කුලියාපිටිය සහ පානදුර යන පොලිස් කොට්ඨාශවලින් අපරාධ 1000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ද සඳහන්.

2022 වසර තුළ පමණක් පැහැරගැනීම් 3,596ක්, නිවාස බිඳීම් 6,208ක් සහ මංකොල්ලකෑම් 2,159ක් වාර්තා වී තිබෙනවා.

මෙම වාර්තාවලට අනුව 2020 වසරට සාපේක්ෂව 2021 වසරේ ශ්‍රී ලංකාවේ දරුණු අපරාධ සංඛ්‍යාව 4,336 කින් ඉහළ ගොස් ඇතඇති බවයි සඳහන් වන්නේ.

2020 වසරේ අපරාධ 31,098ක් වාර්තා වී ඇති අතර 2021 දී එම සංඛ්‍යාව 35,434 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රටේ පවතින ආර්ථික අර්බුදය අපරාධ වැඩිවීමට ප්‍රධාන හේතුව වී ඇති බවයි අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ.

“2022 අපරාධ පිළිබඳ සම්පූර්ණ වාර්තාව තවම සකස් කර නැහැ. කෙසේ වෙතත් ලැබී ඇති තොරතුරුවලට අනුව සාහසික අපරාධ 29,930ක් පමණ වාර්තා වී තිබෙනවා. මෙයින් 36%ක් පමණ බස්නාහිර පළාතෙන් ද 13%ක් වයඹ පළාතෙන්ද, 10%ක් දකුණු පළාතෙන්ද, 9%ක් සබරගමුව පළාතෙන්ද 8%ක් මධ්‍යම පළාතෙන්ද වාර්තා වනවා. මේ වසර තුළ දේපළ හානිවලට එරෙහිව වාර්තා වී ඇති අපරාධ සංඛ්‍යාව 16,317ක්. ඊට අමතරව පුද්ගලයන්ට එරෙහිව අපරාධ 5,964ක් වාර්තා වී තිබෙනවා” යනුවෙන් මහාචාර්ය අතුකෝරල මහතා අනාවරණ කළා.

“2022 වසරේ මුල් මාස 10ත් 11ත් අතර කාලය තුළ වාහන සොරකම් 1,466ක් වාර්තා වනවා. එයින් 39%ක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. මෙම මාස 11 තුළ මිනීමැරුම් 497ක් වාර්තා වන අතර ඉන් 49%ක් එනම් මනුෂ්‍ය ඝාතන 223ක් සිදුව ඇත්තේ වෙඩි තැබීම් සහ පහරදීම් හේතුවෙන් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Fake Email එකක් ආව ගමන් ඩොලර් මිලියන 2.5ක් යවනවා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17