බොරැල්ල සුසාන භූමියේ මෝටර් රථයක් තුල අසාධ්‍ය තත්වයෙන් සිටියදී රැගෙන ගොස් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත් වූ දිනේෂ් ෂාෆ්ටර් නැමති ව්‍යාපාරිකයා පිලිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.
මෙම මරණය සම්බන්ධව මේ වන විට මාධ්‍ය වල විවිධ තොරතුරු වාර්තා වන බව නිරීක්ෂණය වී ඇති අතර තහවුරු නොවන මාර්ග වලින් ලැබෙන තොරතුරු ප්‍රචාරය වීමෙන් විමර්ශන කටයුතු වලට සහ යුක්තිය ඉටුකිරීමට බාධා විය හැක බවත් එසේම සැකකරුවන්ට ද වාසිදායක වියහැකි අතර ඒ තුලින් වින්දිත පාර්ශවයට ද අගතියක් වීමට ඉඩ ඇති බව පොලිසිය පවසනවා.










