ඕමානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවස සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේදී කරුණු රැසක් අනාවරණය වූ බව ශ්රී ලංකා විදේස සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.
ඒ, අනුව අදාළ විමර්ශන වලදී, කාර්යාංශ පනත උල්ලංඝනය කිරීම් හා මිනිස් වෙළඳාම සම්බන්ධ කරුණු අනාවරණ වී ඇති බවයි දැනගන්නට ලැබුණේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විමර්ශන අනුව කාර්යාංශ පනත උල්ලංඝනය කිරීම සිදුකර ඇති පුද්ගලයින්ට හා මිනිස් වෙළෙඳාමට සම්බන්ධ පාර්ශ්වයන්ට විරුද්ධව ඉදිරියේ දී නීතිමය ක්රියාමාර්ග ගැනීමට ද නියමිත බවයි.
ඕමානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රැඳී සිටි කාන්තාවන් 84 දෙනෙකුගෙන් විමර්ශන නිලධාරීන් විසින් ප්රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් බොහෝ දුරට හඳුනගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.




