පතලක සිරවූ 18ක් බේරා ගැනීමට මෙහෙයුමක්

වයඹ දිග චීනයේ ෂින්ජියැන්ග් ප්‍රදේශයේ රන් ආකරයක සිරවූ පුද්ගලයන් 18 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ පතල කඩා වැටී ඇති අතර කඩාවැටෙන අවස්ථාවේ පතලේ පුද්ගලයන් 40 දෙනෙකු සේවය කරමින් සිටි බවටයි අනාවරණ වී ඇත්තේ.

ඉන් කම්කරුවන් 22 දෙනෙකු බේරාගෙන ගොඩට ගෙන ඇති අතර තවත් 18 දෙනෙකු සිරවී සිටින බව සඳහන්.

කසකස්තාන දේශසීමාවේ සිට කිලෝමීටර් 100ක් පමණ ඈතින් පිහිටි යිනිං ප්‍රාන්තයේ මෙම අනතුර සිදුව තිබෙනවා.

මෑත කාලීනව චීනයේ පතල්වල ආරක්ෂාව වැඩි වී ඇති තිබුණ ද ආරක්ෂක උපදෙස් බොහෝ විට නොසලකා හැරීම හමුවේ විශේෂයෙන් ම කුඩා පතල්වල අනතුරු තවමත් වාර්තා වන බවයි එරට මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී වයඹ දිග Qinghai පළාතේ ගල් අඟුරු ආකරයක් කඩා වැටීමෙන් පසු සිරවී සිටි පතල් කම්කරුවන් 19 දෙනෙකු දීර්ඝ සෝදිසි කිරීම්වලින් පසු මියගොස් සිටියදී සොයා ගනු ලැබුවා.

2021 දෙසැම්බර් මාසයේ උතුරු ෂැන්සි පළාතේ ගංවතුරට හසු වූ ගල් අඟුරු පතලකින් පතල් කම්කරුවන් 20 දෙනෙකු බේරා ගත් අතර තවත් දෙදෙනෙක් මිය ගියා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

චීනය ලොව විශාලතම පතල් කර්මාන්තයක් ඇති රට වන අතර එය ලොව විශාලතම ගල් අඟුරු නිෂ්පාදකයා ද වනවා.

කෙසේ වෙතත්, චීන පතල් අතිශයින්ම භයානක ලෙසටයි සැලකෙන්නේ.

දුර්වල ආරක්ෂිත ක්‍රමවේද සහ අධීක්ෂණය නොමැතිකම හේතුවෙන් පතල් කම්කරුවන් නිතර මිය යන බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42