ව්යාපාරික කාන්තාවක් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් පිළියන්දල නගරයට ආසන්නයේ දී ආපනශාලාවක් තුළට කඩා වැදී ඊයේ (24) රාත්රියේ අනතුරක් සිදුව තිබෙනවා.
අදාළ කාන්තාව සිය ව්යාපාරික ස්ථානය වසා මෝටර් රථයෙන් නිවස කරා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, මෝටර් රථයට සහ ආපනශාලාවට අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.
සිදුවූ අනතුරක් සමඟ මෝටර් රථය පැදවූ කාන්තාව සහ ආපනශාලා හිමිකරුගේ පාර්ශවය බහින් බස්වී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ බවත් පොලිසිය මැදිහත්ව එයට සමතයකට පත් කිරීමටත් කටයුතු කර තිබෙනවා.
මේ අතර මෝටර් රථය ආපනශාලාවෙන් පිටතට ගැනීමට එහි ඉදිරිපස තිබූ මායිම් ගලක්ද ඉවත් කිරීමට සිදු වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.














