අවසානයේ කෝටි 167ක් වියදම්කර සම්පූර්ණ කරගත් IPL කණ්ඩායම් දහයේ ක්‍රීඩක සංචිත මෙන්න

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියට එක්වන කණ්ඩායම් දහය මේ වනවිට සිය සංචිතය සකස් කරගෙන අවසන්.

ඉන්දියාවේ කොච්චි හිදී ඊයේ (23) පැවති තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී එම කණ්ඩායම් තම ක්‍රීඩක සංචිතය මෙලෙස සම්පූර්ණ කර ගත්තා.

ඒ, අනුව ඊයේ නිමා වූ වෙන්දේසිය තුළ ක්‍රීඩකයින් 80 දෙනෙක් කණ්ඩායම් 10 අතර ඉතා තගරකාරී ලංසු මුදල් යට‍තේ අලෙවි වුණා.

මෙම වෙන්දේසියේ දී අලෙවි වූ විදේශීය ක්‍රීඩකයින් සංඛ්‍යාව 29ක්.

ඊයේ පැවති වෙන්දේසියේ වාර්තාවලට අනුව මෙම ක්‍රීඩකයින් 80 මිලදී ගැනීම වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 167ක් කණ්ඩායම 10 විසින් වියදම් කර තිබෙනවා.

එහිදී තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් ඉන්දීය රුපියල් කෝටි 18.5ක වාර්තාගත මිලකට පන්ජාබ් කිංග්ස් විසින් මිලදී ගනු ලැබුවා.

එමෙන්ම කැමරන් ග්‍රීන් සහ බෙන් ස්ටෝක්ස් ද විශාල මුදලකට වෙන්දේසියේ දී අලෙවි වීම ද විශේෂත්වයක්.

මුම්බායි ඉන්දියන්ස් පිළ විසින් ග්‍රීන්ව ඉන්දීය රුපියල් කෝටි 17.5කට ලබාගත් අතර, චෙන්නායි සුපර් කිංග්ස් පිළ බෙන් ස්ටෝක්ස් සිය කණ්ඩායමට එක්කර ගැනීමට ඉන්දීය රුපියල් කෝටි 16.25ක මුදලක් වැය කළා.

ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළම ලංසු මුදලක් හිමි වූ ඉන්දීය ක්‍රීඩකයා බවට පත් වුණේ මායන්ක් අගර්වාල් වන අතර, ඔහුව වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 8.25කට මිල දී ගනු ලැබුවේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින්.

2023 අයි.පි.එල් තරගාවලියට එක්වන කණ්ඩායම් වල සම්පූර්ණ සංචිත පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?