වතුර බිල නොගෙ වූ 2000 කට වැඩි පිරිසකට නඩු

ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති ජල පාරිභෝගිකයන් 2000 කට වැඩි පිරිසකට නඩු පැවරීම ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ඒ, සඳහා අදාළ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේ.

ජල බිල්පත් නොහෙවිම හේතුවෙන් මෙලෙස ජල සම්පාදන මණ්ඩලයට නොලැබී ගිය ආදායම රුපියල් කෝටි දහයකට ආසන්න බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය ආයතන, ව්‍යාපාර ස්ථාන, ආගමික ස්ථාන, දේශපාලනයට සම්බන්ධ පිරිස් ඇතුළු විවිධ පුද්ගලයින් ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති පිරිසට අයත්.

මොවුන්ගේ ජය සැපයුම මේ වනවිටත් විසන්ධි කර ඇති අතර, රුපියල් ලක්ෂ පහකටත් වැඩි වටිනා බිල්පත් ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන් ද මේ අතර සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?