සතෙක් එක්ක ලිංගික සබදතා පැවැත්තුවොත් රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

සතෙකු සමඟ කිසියම් අයෙක් ලිංගික සම්බන්ධතාවක් පැවැත් වුවහොත් එය මෙරට දණ්ඩනීති සංග්‍රහයට අනුව වරදක් බවට දක්වා තිබෙනවා.

ඒ, අනුව කිසියම් පුද්ගලයෙක් සතෙකු සමඟ ලිංගිකව හැසිරීමක් සිදුකළ හොත් ඔහුට ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයට අනුව අවුරුදු දහය දක්වා කාලයක, දෙආකාරයෙන් හෝ එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමක් සිදුකළ හැකි වනවා.

එමෙන්ම ආදළ පුද්ගලයා දඩ මුදලකට ද යටත් වන බවයි දණ්ඩනීති සංග්‍රහයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 365 වගන්තියේ මෙය දක්වා ඇති අතර, මෙම දඬුවම 1995 අංක 22 දරන දණ්ඩනීති සංග්‍රහය (සංශෝධන) පනතේ සංශෝධනයට ලක්කර තිබෙනවා.

එම සංශෝධනයට අනුව අදාළ වරද අවුරුදු 16කට නොඅඩු තැනැත්තෙකු විසින් සිදුකළ ඇත්නම්, අදාළ තැනැත්තාට අවුරුදු දහයකට නොඅඩු අවුරුදු විස්ස නොඉක්ම වූ බරපතළ වැඩ සහිත බන්ධනාගාර ගත කිරීමක් හා දඩ මුදලක් පැනවීමෙන් දඬුවම් කළ හැකි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?