2023 IPL ක්‍රීඩක වෙන්දේසිය ඇරඹෙයි

පසුගියවර වෙන්දේසියේ දී අකරතැබ්බයට ලක්වූ වෙන්දේසිකරු මෙවරත්

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.

මෙවර වෙන්දේසිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ කොචි හිදීයි.

මෙවර වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයින් 405 දෙනෙකු කෙටුම්පත්කර ඇති අතර, වෙන්දේසියේ දී මිලදී ගනු ලබන්නේ ඉන් උපරිම වශයෙන් ක්‍රීඩකයින් 87 දෙනෙකුට පමණක් බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රීඩකයින් 405 දෙනාගෙන් 273 ක් ඉන්දියානු ක්‍රීඩකයින් වන අතර 132 ක් විදේශීය ක්‍රීඩකයින් වනවා.

පසුගිය වර පැවති ක්‍රීඩක වෙන්දේසිය අතර තුර අනපේක්ෂිත මොහොතක අසනීප තත්ත්වයට පත් වූ ජනප්‍රිය වෙන්දේසිකරුවෙකු වන හියු එඩ්මීඩ්ස් මෙවර වෙන්දේසිය මෙහෙයවනු ලබනවා.

මෙවර වෙන්දේසියේ දී පළමුව අලෙවි වූ ක්‍රීඩකයා ලෙස නවසීලන්ත ක්‍රීඩක කෙන් විලියම්සන් පත් වූ අතර, ඔහු ඉන්දිට රුපියල් කෝටි දෙකකට ගුජරාට් ටයිටන්ස් පිළ මිලදී ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?