යාපනය වෙරළ තීරයේ මළ සිරුරු දෙකක් (ඡායාරූප)

යාපනය වෙරළ තීරයේ ස්ථාන දෙකකට ඊයේ (22) දින මළ සිරුරු දෙකක් ගොඩගසා තිබූ බව පොලිසිය පවසනවා.

අලියවලෙයි වෙරළ තීරයට සහ මාදගල් වෙරළ තීරයට මෙලෙස මළ සිරුරු දෙකක් ගොඩගසා ඇති බවයි වාර්තා වන්නේ.

මාදගල් වෙරළ තීරයට ගොඩගසා තිබූ මළ සිරුර පසුගිය 20 වනදා මසුන් ඇල්ලීමට මුහුදු ගොස් අතුරුදහන් වූ පලාලි, අන්රනිපුරම් ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සිව්දරු පියෙකුගේ බවට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර අලියවලෙයි වෙරළ තීරයට ද නරක් වූ මළ සිරුක් ඊයේ (22) දිනයේ ගොඩගසා තිබිය දී ප්‍රදේශවාසීන් දැක ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා.

පසුව පොලිසිය පැමිණ එය පරීක්ෂා කිරීමේ දී එය මීට සතියකට පමණ පෙර මිය ගිය අයෙකුගේ බවත්, මළ සිරුර දැඩි ලෙස නරක් වී තිබුණු බැවින් හඳුනාගැනීමට අපහසු බවටත් වාර්තා වනවා.

පසුව අදාළ මළ සිරුර යාපනය ශික්ෂණ රෝහලට වෙත යොමු කිරීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?