එළඹෙන උත්සව සමයේ ගම්බිම් බලායන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවාවක්

එළඹෙන උත්සව සමයේ ගම්බිම් බලායන ජනතාවගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් අද (23) දිනයේ සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඒ, අනුව මගී අවශ්‍යතාව මත ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථ අද (23) දිනයේ සිට ධාවනයට එක්කිරීමට පියවර ගෙන ඇති බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පිටකොටුව සහ මාකුඹුර ප්‍රධාන බස් නැවතුම්පළවල සිට බස් රථ 40ක් කොළඹ සිට පිට පළාත් වෙත යන මගී ජනතාව වෙනුවෙන් ධාවනයට යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සඳහන් කළේ.

එමෙන්ම අද (23) දිනයේ සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව ද පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව අද (23) සිට ලබන 27 වනදා තෙක් මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

අද පස්වරු 07. 20 ට කොළඹ කොටුවේ සිට බදුල්ල බලා විශේෂ දුම්රියක් ධාවනයට සැලසුම්කර ඇති අතර, හෙට (24) සහ ලබන 26 වනදා පෙරවරු 7.10ට බදුල්ල බලා විශේෂ දුම්රිය දෙකක් ධාවනය එක්කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

එමෙන්ම කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර ද විශේෂ දුම්රිය දෙකක් 23 වනදා සහ 26 වනදා ධාවනයට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?