එළඹෙන උත්සව සමයේ ගම්බිම් බලායන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවාවක්

එළඹෙන උත්සව සමයේ ගම්බිම් බලායන ජනතාවගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් අද (23) දිනයේ සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඒ, අනුව මගී අවශ්‍යතාව මත ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථ අද (23) දිනයේ සිට ධාවනයට එක්කිරීමට පියවර ගෙන ඇති බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පිටකොටුව සහ මාකුඹුර ප්‍රධාන බස් නැවතුම්පළවල සිට බස් රථ 40ක් කොළඹ සිට පිට පළාත් වෙත යන මගී ජනතාව වෙනුවෙන් ධාවනයට යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සඳහන් කළේ.

එමෙන්ම අද (23) දිනයේ සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව ද පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව අද (23) සිට ලබන 27 වනදා තෙක් මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

අද පස්වරු 07. 20 ට කොළඹ කොටුවේ සිට බදුල්ල බලා විශේෂ දුම්රියක් ධාවනයට සැලසුම්කර ඇති අතර, හෙට (24) සහ ලබන 26 වනදා පෙරවරු 7.10ට බදුල්ල බලා විශේෂ දුම්රිය දෙකක් ධාවනය එක්කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

එමෙන්ම කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර ද විශේෂ දුම්රිය දෙකක් 23 වනදා සහ 26 වනදා ධාවනයට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17
Video thumbnail
රනිල්ගේ - අනුරගෙයි ආර්ථික කළමණාකරනය ගැන කියන රාජිත.. රනිල් රු.293 වෙනකල් අඩුකළා
01:25
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22