ම්බාපේ සනසන්න පිටියට ආ ප්‍රංශ ජනපති ගැන ලෝකයක් කතාවෙයි (ඡායාරූප)

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ඊයේ නිමාවට පත් වුණේ වසර 36 කට පසු ආජන්ටිනාව යළිත් වරක් ලෝක ශූරයින් ලෙස කිරුළු පළඳිමින්.

අවසන් මහා තරගයේ දී ආර්ජන්ටිනාව හමුවේ ලද තියුණු පරාජය, ප්‍රංශ කණ්ඩායමට දැඩි වේදනාවක් ගෙන දෙන්නක් වුණා.

පසු ගියවර ලෝක ශූරයින් ලෙස අභිසෙස් ලබා සිටි ප්‍රංශ කණ්ඩායම ලද මෙම පරාජයත් සමඟ එම කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක කයිලීන් ම්බාපේ ඇතුළු ක්‍රීඩකයින් වේදනාබර මුහුණින් පිටියේ එහෙ මෙහෙ ගමන් කරන අයුරු දැකගත හැකි වුණා.

මේ අතර, ලැබූ පරාජයෙන් පසු කයිලීන් ම්බාපේ වේදනාවෙන් සිටින මොහොතේ අවසන් මහා තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රංශ ජනධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඔහුව සැනසීමට කටයුතු කරන අයුරු මේ වනවිට ලොව පුරා අවධානයට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
87
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?