හංවැල්ල ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ 10.05ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් හෝටලයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත් වුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොහොමඩ් ෆරුෂාන් නමැති 48 හැවිරිදි තිදරු පියෙක් බවයි වාර්තා වුණේ.
මොහු හංවැල්ල – හරස් මාර්ගයේ පිහිටි අංක 09 ස්ථානයේ හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබෙනවා.
යතුරුපැදියෙන් පැමණි එක් පුද්ගලයෙකු විසින් හෝටලයේ දොරට තට්ටුකර දුම්වැටියක් ඉල්ලා ඇති අතර, යතුරුපැදියේ පැමිණි අනෙක් පුද්ගලයා එක්වරම දොර විවෘත කර හෝටලය තුළට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු විසින් හෝටලයේ හිමිකරුගේ පපුවට වෙඩි පහර 04ක් පමණ තබා ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ
හෝටලයේ හිමිකරු පාදුක්ක රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් ඇති බව සඳහන්.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර හංවැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ තිබෙනවා.
මේ අතර වෙඩි තැබීම සිදුකරන අයුරු හෝටලයේ සවිකර තිබූ ආරක්‍ෂිත කාමරවල ද සටහන් වී තිබුණා.










