හංවැල්ලේ හෝටල් හිමිකරුට මරු කැඳවූ වෙඩි තැබීම CCTV කැමරාවේ

හංවැල්ල ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ 10.05ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් හෝටලයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොහොමඩ් ෆරුෂාන් නමැති 48 හැවිරිදි තිදරු පියෙක් බවයි වාර්තා වුණේ.

මොහු හංවැල්ල – හරස් මාර්ගයේ පිහිටි අංක 09 ස්ථානයේ හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබෙනවා.

යතුරුපැදියෙන් පැමණි එක් පුද්ගලයෙකු විසින් හෝටලයේ දොරට තට්ටුකර දුම්වැටියක් ඉල්ලා ඇති අතර, යතුරුපැදියේ පැමිණි අනෙක් පුද්ගලයා එක්වරම දොර විවෘත කර හෝටලය තුළට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් හෝටලයේ හිමිකරුගේ පපුවට වෙඩි පහර 04ක් පමණ තබා ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ
හෝටලයේ හිමිකරු පාදුක්ක රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් ඇති බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර හංවැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ තිබෙනවා.

මේ අතර වෙඩි තැබීම සිදුකරන අයුරු හෝටලයේ සවිකර තිබූ ආරක්‍ෂිත කාමරවල ද සටහන් වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25