විදෙස් ගමන් බලපත්‍ර නොමැතිව සිටි සහ ඔන්ලයින් වංචාවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 21 දෙනා අතුරින් 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙරට සිට අන්තර්ජාලය හරහා ඔන්ලයින් මූල්‍ය වංචා සහ නීතිවිරෝධී ජාවාරම් සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට පත්වී තිබුණා.
මරදාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අද පෙරවරුවේ මෙම විදෙස් ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වූණේ.
චීන ජාතිකයින් 12 , බංග්ලාදේශ ජාතිකයන් 06ක් සහ ඉන්දීය ජාතිකයින් 03ක් මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර සිටිනවා.
එම සැකකරුවන් පිරිස අද (03) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවන්ගෙන් 06 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝගක කළා.
එමෙන්ම ඉතුරු සැකකරුවන් 14 දෙනා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.
ඒත් ඇප ලැබූ සැකකරුවන්ට ඇප තැබීමට නොහැකි වූ බැවින් එම පිරිස නඩුව කැඳවන හෙට දිනය දක්වා බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර තිබෙනවා.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙම විදෙස් ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
