කටුගස්තොට ප්‍රදේශයේ යන්ත්‍රෝපකරණ අලෙවිසැලක ගින්නක්

මහනුවර  යාපනය A 9 මාර්ගයේ කටුගස්තොට කුඩුගල ප්‍රදේශයේ වාහන යන්ත්‍රෝපකරණ අලෙවි සැලක අද (04) අලුයම 5.00ට පමණ ඇතිවූ හදිස්සි ගින්නක් හේතුවෙන් එම වෙළදසැලට දැඩි හානී සිදුව තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර  හා මාතලේ ගිනි නිවීමේ ඒකකවල ගිනි නිවීමේ රථ එක්ව සිටියා.

ඇතිවූ තත්ත්වය හමුවේ පැයකට ආසන්න කාලයක් මහනුවර යාපනය  A 9 මාර්ගයේ රථ වාහන ගමනා ගමනය කටුගස්තොට  කුඩුගල ප්‍රදේශයෙන් නවතා දැමීමට පොලීසීය පියවර ගෙන තිබුණා.

සිද්ධියෙන් ජීවිත හානී කිසිවක් සිදුනොවු අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට  පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ  පවත්වනවා.