කැළණි විශ්ව විද්‍යාලයේ සිසුන් පන්දම් දල්වාගනිමින් , අට්ටාලයක් ඉදිකර උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.
අද සවස, කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරියේ එම උද්ඝෝෂණය ආරම්භ කෙරුණා.
සිසුන් විසින් ඉදිරිපත්කරනු ලැබු කිසිදු ගැටළුවකට හෝ රජය විසින් මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවට ඔවුන් චෝදනා කරනවා.
විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රශ්ණවලට විසඳුම් ලබාදීම වෙනුවට රජය විසින් මර්ධනය මුදාහැර ඇති බවටත් ඔවුන් පෙන්වා දෙනවා.
ඒ වගේම විශ්ව විද්‍යාලයේ පරිපාලනය රජයේ රූකඩයක් වශයෙන් කටයුතු කරන බවටත් සිසුන් ප්‍රකාශ කරනවා.
