සැමියා සමඟ අනියම් ඇසුරක් පැවැත් වූ කතට පහර දෙන්න ගිය බිරිඳ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් තියුණු ආයුධ සහ පෙට්‍රල් බෝම්බ රැගෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට වාද්දූව පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

කාන්තාවක්‌ ඇතුළු පුද්ගලයන් පස්දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස පානදුර, අරුක්ගොඩ සහ වාද්දුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවගේ ස්වාමිපුරුෂයා මේ වනවිට බන්ධනාගාර ගතව සිටින අතර, ඔහු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන කාන්තාවක් සහ ඇයගේ පවුලේ සාමාජිකයින්ට පහරදීමේ අරමුණින් මෙම පිරිස වෑන් රථයෙන් ගමන් කරමින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැක සහිත වෑන් රථය පරීක්ෂා කිරීමේ දී මෙම ආයුධ සහ පෙට්‍රල් බෝම්බ සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?