සැමියා සමඟ අනියම් ඇසුරක් පැවැත් වූ කතට පහර දෙන්න ගිය බිරිඳ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් තියුණු ආයුධ සහ පෙට්‍රල් බෝම්බ රැගෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට වාද්දූව පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

කාන්තාවක්‌ ඇතුළු පුද්ගලයන් පස්දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස පානදුර, අරුක්ගොඩ සහ වාද්දුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවගේ ස්වාමිපුරුෂයා මේ වනවිට බන්ධනාගාර ගතව සිටින අතර, ඔහු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන කාන්තාවක් සහ ඇයගේ පවුලේ සාමාජිකයින්ට පහරදීමේ අරමුණින් මෙම පිරිස වෑන් රථයෙන් ගමන් කරමින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැක සහිත වෑන් රථය පරීක්ෂා කිරීමේ දී මෙම ආයුධ සහ පෙට්‍රල් බෝම්බ සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25