වාහනයක් මීලදි ගැනීමට හා කල්බදු වාරික ගෙවීම සම්බන්ධයෙන් මුදල් ලැබුණ ආකාරය කරුණු තහවුරු කිරිමට නොහැකි වීම ඇතුළු වෝදනා හේතුවෙන් ප්‍රධාන පරික්ෂක වරුණි බෝගහවත්ත ලබන සිකුරාදා (06) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය අත්අඩංගුවට ගෙන සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබුණා.
අනතුරුව අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරික්ෂකවරිය සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද (03) පස්වරුවේ මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියවෙත ඉදිරිපත් කෙරුණා.
එහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය දිර්ඝ පෙස කරුණු දැක්වුවා.
සැකකරියගේ බැංකු ගිණුම් වෙත විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවත්, සැකකරියගේ වැටුප රුපියල් 140,000/= වන අතර මෝටර් රථයේ කල්බදු වාරිකය රුපියල් 132,000/= වන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා , සැකකාරිය ලබන 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තා සිකුරාදා දින සිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරන වරුණි බෝගහවත්ත සතු හොන්ඩා වීසල් (Honda Vezel) වර්ගයේ මෝටර් රථය, ඉකුත් දා පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් සිය භාරයට ගෙන තිබුණා.
