කෙටි කෑමවල මිල රුපියල් 10කින් පහළට

සියලුම කෙටි කෑමවල මිල ගණන් රුපියල් 10.00කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත්ගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ අද (18) මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස කෙටි කෑමවල මිල අඩු කෙරෙන බවයි.

ඇතැම් අමුද්‍රව්‍යවල මිල අඩුවීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක් බර පාන් ගෙඩියක මිල ද රුපියල් 10.00කින් අඩු කිරීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?