කෙටි කෑමවල මිල රුපියල් 10කින් පහළට

සියලුම කෙටි කෑමවල මිල ගණන් රුපියල් 10.00කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත්ගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ අද (18) මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස කෙටි කෑමවල මිල අඩු කෙරෙන බවයි.

ඇතැම් අමුද්‍රව්‍යවල මිල අඩුවීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක් බර පාන් ගෙඩියක මිල ද රුපියල් 10.00කින් අඩු කිරීමට කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ණය බරක් තිබ්බට ප්‍රශ්නයක් නෑ - ඇමෙරිකාවත් ලොකු ණය කාරයෙක්
02:25
Video thumbnail
යුධ දෙකකට උර දී කෘතිය ඇයි පාලකයෝ කියවන්න ඕනේ ?
06:36
Video thumbnail
තමන්ගේ වාසිය ගැන බලන්නේ නැතුව රට වෙනුවෙන් කැපවෙමු
08:26
Video thumbnail
අපි පළා යන්නේ නෑ, අපි මුහුණ දෙනවා - නීතිඥ සංගමයට ජනාධිපතිතුමා කිව්ව දේ..
14:54
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වූ බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි
00:51
Video thumbnail
කඩුවක් උස්සන් ඇවිත් බස් එක හරස් කරලා චණ්ඩි පාට් දාපු ජෝඩුව
01:03
Video thumbnail
දිලිත් තරුණයින්ට දීපු පොරොන්දුව - ආයේ රැවටීමට ඉඩ නෑ
07:35
Video thumbnail
තවත් පාතාල අපරාධකරුවෝ 73ක් මෙරටට ගේන්න ඉන්නවා
08:00
Video thumbnail
ස්ටේජ් එක උඩ Vibe වුණ දිලිත් දාපු ඩාන්ස් එක - මාර ෆන් එකක් ගන්නේ
01:33
Video thumbnail
මිනිස්සුන්ට ජීවත් වෙන්නම බැරිවුණා - අපි අභියෝගය භාරගෙන වැඩ කළා
10:18