බෙන්තොට සංචාරක නිකේතනයක අයිස්වලින් මත් වී සිටි 30ක් අත්අඩංගුවට

බෙන්තොට – කෝම්මල ප්‍රදේශයේ සංචාරක නිකේතනයක මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පවත්වන බවට ලද තොරතුරක් මත බෙන්තොට පොලිසිය විසින් ඊයේ (17) වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී තරුණයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 535ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු තරුණයින් වත්තල, නාරාහේන්පිට, කොටහේන ,මට්ටක්කුලිය, මාලිගාවත්ත, වලස්මුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

21 සහ 37 යන වයස්වල පසුවන මොවුන් අද (18) දිනයේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

මේ අතර මොවුන් අදාළ සංචාරක නිකේතනය රුපියල් හැටදහසක් ගෙවා දින දෙකකට ලබාගෙන ඇත්තේ පසුගිය 16 දින රාත්‍රියේ බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?