බෙන්තොට සංචාරක නිකේතනයක අයිස්වලින් මත් වී සිටි 30ක් අත්අඩංගුවට

බෙන්තොට – කෝම්මල ප්‍රදේශයේ සංචාරක නිකේතනයක මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පවත්වන බවට ලද තොරතුරක් මත බෙන්තොට පොලිසිය විසින් ඊයේ (17) වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී තරුණයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 535ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු තරුණයින් වත්තල, නාරාහේන්පිට, කොටහේන ,මට්ටක්කුලිය, මාලිගාවත්ත, වලස්මුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

21 සහ 37 යන වයස්වල පසුවන මොවුන් අද (18) දිනයේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

මේ අතර මොවුන් අදාළ සංචාරක නිකේතනය රුපියල් හැටදහසක් ගෙවා දින දෙකකට ලබාගෙන ඇත්තේ පසුගිය 16 දින රාත්‍රියේ බවයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ණය බරක් තිබ්බට ප්‍රශ්නයක් නෑ - ඇමෙරිකාවත් ලොකු ණය කාරයෙක්
02:25
Video thumbnail
යුධ දෙකකට උර දී කෘතිය ඇයි පාලකයෝ කියවන්න ඕනේ ?
06:36
Video thumbnail
තමන්ගේ වාසිය ගැන බලන්නේ නැතුව රට වෙනුවෙන් කැපවෙමු
08:26
Video thumbnail
අපි පළා යන්නේ නෑ, අපි මුහුණ දෙනවා - නීතිඥ සංගමයට ජනාධිපතිතුමා කිව්ව දේ..
14:54
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වූ බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි
00:51
Video thumbnail
කඩුවක් උස්සන් ඇවිත් බස් එක හරස් කරලා චණ්ඩි පාට් දාපු ජෝඩුව
01:03
Video thumbnail
දිලිත් තරුණයින්ට දීපු පොරොන්දුව - ආයේ රැවටීමට ඉඩ නෑ
07:35
Video thumbnail
තවත් පාතාල අපරාධකරුවෝ 73ක් මෙරටට ගේන්න ඉන්නවා
08:00
Video thumbnail
ස්ටේජ් එක උඩ Vibe වුණ දිලිත් දාපු ඩාන්ස් එක - මාර ෆන් එකක් ගන්නේ
01:33
Video thumbnail
මිනිස්සුන්ට ජීවත් වෙන්නම බැරිවුණා - අපි අභියෝගය භාරගෙන වැඩ කළා
10:18