පසුගියවර FIFA අනුශූරයින් මෙවර තෙවැනි තැනට

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තුන්වෙනි ස්ථානය දිනා ගැනීමට ක්‍රොඒෂියාවට ඊයේ (17) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, තුන්වන ස්ථානය තේරීම සදහා පැවති තරගයේ දී ගෝල 02-01ක් ලෙස පෙරළිකාර මොරොක්කෝව පරාජය කරමින්.

මෙම තරගයේ 07 වන මිනිත්තුවේදී J. Gvardiol විසින් ක්‍රොඒෂියාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර, එම ගෝලයත් සමඟ උද්දාමයට පත්ව සිටි ක්‍රොඒෂියා ක්‍රීඩා ලෝලීන්ගේ සතුට ඉදිරි විනාඩි දෙක තුළ නැතිකර දමන්නට මොරොක්කෝ ක්‍රීඩක A. Dari ට හැකියාව ලැබුණා.

ඒ, මෙම තරගයේ මොරොක්කෝවේ පළමු ගෝලය වාර්තා කරමින්.

කෙසේ වෙතත් තරගයේ 42 වන මිනිත්තුවේදී M. Oršić විසින් ක්‍රොඒෂියාවට ජයග්‍රාහී දෙවන ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ, අනුව මෙම තරගය නිමා අවසන් වුණේ ගෝල 02-01ක් ලෙස පසුගියවර අනුශූරයින් වූ ක්‍රොඒෂියාවට මෙවර තරගාවලියේ තෙවන ස්ථානය හිමිකර දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?