ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට චමුදිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

මාධ්‍යවේදී කීර්ති රත්නායක සමඟ කළ youtube සාකච්ඡාවේදී ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කීර්ති රත්නායක පැවසූ දේවල් ගැන පැවසූ දේවල් ගැන ප්‍රකාශයක් ලබාගැනීමට සඳහා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අපරාධ විමර්ශන අංශයට කැඳවා තිබෙනවා.

ඒ අනුව චමුදිත සමරවික්‍රමට හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසයි දන්වා තිබෙන්නේ.

බොරැල්ල සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ දෙඅත් සහ ගෙල සිරකර සිටියදී ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා සොයාගනු ලැබුවේ පෙරේදා (15) පස්වරුවේදීය.පසුව රෝහල්ගත කෙරුණු ඔහු එදින රාත්‍රියේම මියගියේය.