ලොව රටවල් මුහුණ දී සිටින ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වට මේස සාකච්ඡාවකට පැමිණීමට චීනය කැමැත්ත පළ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
මෙම වට මේස සාකච්ඡාවට ණය හිමියන්, ණය ලබාගත් ඇතැම් පාර්ශ්ව සහ පුද්ගලික ණය හිමියන් සමඟ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජී20 සමුළුවේ සභාපතීත්වය සහභාගී විය යුතු බව ජෝර්ජිවා මහත්මිය පෙන්වා දී තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය ගැන අදහස් හුවමාරු කර ගැනීමට යෝජිතයි.










