රුපියල් 55 ට වැඩියෙන් බිත්තර අලෙවි කරනවා නම් බිත්තර ගන්න එපා.

රුපියල් 55 ට වැඩියෙන් බිත්තර අලෙවි කරනවා නම් බිත්තර මිලදී ගැනීමෙන් වළකින ලෙස ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසෙල සම්පත් මහතා ප්‍රකාශ කරනවා.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ බිත්තර රු.50 ට ලබාදීම සඳහා ද කටයුතු කළේ අප සංගමය බවත්. බිත්තර මිල වැඩි කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් ඔහු කියා සිටියා

කුඩා දරුවෙකුට පෝෂණය සඳහා අවශ්‍ය එකම දේ බිත්තර බවත් එය ලබාදීම සඳහා තම සංගමය කැප වන බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම බිත්තරයකින් රුපියල් තුනක පමණ ලාභයක් වෙළෙඳසල් හිමියාට ඇති බවත් රුපියල් 49ට බිත්තරයක් වෙළඳ පොළට දැමීමට හැකි බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා.

බිත්තර මිල වැඩිවීම හේතුවෙන් ආපනශාලාවල ආහාර මිල වැඩි නොකරන බවත් එසේ වැඩි මිලට ආහාර අලෙවි කරනවා නම් ඒ සම්බන්ධයෙන් තමා ම දැනුවත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියා.

වැඩි මිලට බිත්තර විකුණන්නේ නම් එම බිත්ත මිලදී ගැනීමෙන් වැලකි සිටින ලෙසද ඔහු සඳහන් කර සිටියා.