හොර පොලිස් පාට් දමා කොල්ල කෑ පුද්ගලයින් සොයා විමර්ශන

පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් මුදල් කොල්ලකෑ පුද්ගලයින් දෙදෙනෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කළුතර, කටුකුරුන්ද හන්දිය ආසන්නයේදී මෙලෙස මෙම පුද්ගලයින් පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් යතුරුපැදියකින් පැමිණ පොලිස් නිලධාරින් බව පවසමින් මාර්ගය අසල බස් රථය එනතුරු බලාසිටි පුද්ගලයෙකු පරීක්ෂා කර ඔහු සතුව තිබූ මුදල් කොල්ලකා පළාගොස් ඇති බව පොලීසිය පවසනවා.

වෙළදාම්කරන පුද්ගලයෙකුව මෙලෙස කොල්ල කා තිබෙන අතර ඔහු ඊයේ (16) කටුකුරුන්ද හන්දියේ බස් රථය එනතුරු රැඳී සිටියදී අදාළ කොල්ලය සිදුවී ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දකුණ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා