2023 ජනවාරි මස පළමුවනදා සිට ස්ථාන මාරු හිමිවන ග්‍රාම නිලධාරීන්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දී තිබෙන්නේ එක් ග්‍රාම නිලධාරි වසමක වසර 05 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ග්‍රාම නිලධාරීන් 2023 ජනවාරි මස පළමුවනදා සිට අනිවාර්යෙන් ස්ථානමාරු කිරීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව ලබන 31 වන දිනට වසර 5 ක කාලයක් සම්පූර්ණ කළද වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග නිකුත්කර නොමැති නිලධාරීන් තවදුරටත් ග්‍රාම නිලධාරී වසම්වල සිටී නම් ඔවුන්ට ස්ථාන මාරු නියෝග නිකුත් කරන ලෙස ද අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදී තිබෙනවා.