කාන්තාවකට පරුෂ වචනයෙන් බැන වැදී පහර දුන් බව කියන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.
හලාවත – කුමාරකට්ටුවේ පදිංචි කුරුවිට ආරච්චිගේ නීලා දීපානි නම් කාන්තාවක් විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුව මෙම විමර්ශණය ආරම්භ කර ඇත.
තමන් නිවසේ සිටින විට පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තමාට පරුෂ වචනයෙන් බැන වැදී පහර දුන් බව සිද්ධියට මුහුණ දී ඇති කාන්තාව පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.
පැමිණිළිකාර කාන්තාවට ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝහල් ගත වන ලෙස පොලීසිය උපදෙස් ලබා දී ඇත.
ඉඩම් ආරවුලක් මුල් කරගෙන මෙම බැන වැදීම සහ පහර දීම සිදු කර ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.










