බම්බලපිටිය ස්කෙල්ටන් පාර කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ සුවිසල් නිවසට ඇතුළු වී පිස්තෝල ගිනි අවියක් සහ රුපියල් කෝටි ගණනාවක මුදල් සහ රන්භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය පවසයි .
එම නිවසේ තිබූ රජයේ බලපත්‍ර මත ලබාගත් පිස්තෝල ගිනි අවියක්,පතරොම12 ක් , මැග්නීසිනයක්, රුපියල් එක්කෝටි එක් ලක්ෂයක මුදලක්, ඇමරිකානු ඩොලර් 6,000 , හා රුපියල් මිලියන 10කට අධික රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සොරකම සිදු වී ඇත්තේ නිවසේ කෝටිපති ව්‍යාපාරික කාන්තාව සහ මෙහෙකාර සේවිකාවන් දෙදෙනා සිටියදී බවයි වැඩි දුර පරීක්ෂණ පවත්වන පොලිසිය පවසන්නේ.










