ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට පියවර

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කරමින් දකුණු ඉන්දියාව සහ කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ කොලඹ වරායන් අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා

කන්කසන්තුරේ සහ පාන්ඩිචෙරි අතර මගී යාත්‍රා සේවාවන් ලබන ජනවාරි මස මැද ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය. ඒ සඳහා ඉන්දියානු රජයේ අනුමැතිය ලබා දී ඇති බව බවද වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

දඹදිව වන්දනාවේ යන ශ්‍රී ලාංකික බැතිමතුන්ට මෙන්ම ව්‍යාපාර කටයුතු වල නිරත වන පිරිස් වලට මෙම මගී යාත්‍රා සේවාව විශාල සහනයක් වන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලේය. එක් ගමන්වාරයක් සඳහා ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් 60 ක් පමණ එක් මගියකුගෙන් අයකිරීමට නියමිත බවත් කිලෝ ග්රෑකම් 100 බරකින් යුතු භාණ්ඩ රැගෙන යා හැකි බවත් යාත්‍රා හිමියන් එහිදී අවධාරණය කලේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29