දෙමළ මන්ත්‍රිවරුන්ට කුණු තක්කාලි

ජාත්‍යන්තර මානව හිමිකම් සුරැකීමේ දිනය පෙරේදා (10) යෙදි තිබුණ අතර වවුනියාව දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීහු දෙමළ මන්ත්‍රිවරුන්ගේ රුව රැගත් බැනරයකට කුණු තක්කාලි ප්‍රහාරයක් එල්ල කළා.

අතුරුදන්වූවන්ගේ ඥාතීහු පවසන්නේ දෙමළ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා දෙමළ දේශපාලන පක්ෂ නායකයන් තමන් රවටමින් සිටින බවයි

දෙමළ දේශපාලන පක්ෂ මන්ත්‍රිවරුන් අතුරුදන්වූවන්ගේ ගැටලුව වෙනුවෙන් විසඳුම් ලබා ගැනීමට නිසි මැදිහත්වීමක් නොදක්වන බවත් මෙරට පාලකයන් සමග සාකච්ජා කිරීමෙන් ප්‍රයෝජනයක් අත් නොවන බැවින්, ඇමරිකාව හෝ යුරෝපා සංගමය මැදිහත්වී අතුරුදන්වූවන්ගේ ගැටලුවට විසඳුම් ලබා දියයුතු බවට ඉල්ලීම් කරමින් අදාළ පිරිස උද්ඝෝෂණයකද නිරත විය

උද්ඝෝෂණයට එක්වූ අතුරුදන්වූවන්ගේ ඥාතීන් දෙමළ මන්ත්‍රිවරුන් වෙත විරෝධය පළ කිරීම වෙනුවෙන් ඔවුන්ගේ රුව සහිත බැනරයකට නරක්වූ තක්කාලිවලින් පහරදුන්නේය. අතුරුදන්වූ තම ඥාතීන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් පෙරේදා (10) දිනය වන විට දින 2120 ක් වවුනියාව දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීහු අඛණ්ඩ උපවාසයක නිරතව සිටිති.

වවුනියාව නගරයේදීද, මුලතිව් දිස්ත්‍රික්කයේදී ද මෙම විරෝධතා පැවැත්වූහ.

https://youtu.be/lOJBAY6JKRE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?