බියගම , කොට්ටුන්න සාම මාවත ප්‍රදේශයේ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටින කාමරයට යාබද කාමරයක තිබූ හකුරු වගයක් සොරකම් කිරීම සම්බන්ධව උරණ වී සිය 12 හැවිරිදි දියණිය රත් කළ ඇලුමිනියම් හැන්දකින් පිලිස්සු බව කියන 45 හැවිරිදි මවක අත්අඩංගුවට ගෙන තිබේ
මෙම සිද්ධියේදී පිලිස්සුම් තුවාල ලැබූ දියණිය රාගම මහ රෝහලට ඇතුළත් කර ඇති අතර දියණියගේ පියා මියයාමෙන් පසුව හැටන් ප්‍රදේශයේ පදිංචිව සිටි දමිළ මව සිය දියණිය හා 05 හැවිරිදි පුතු සමග මේ නේවාසිකාගාරයේ කාමරයකට පැමිණ නවාතැන් ගෙන මව බියගම නිදහස් වෙළෙඳ කලාපයේ රැකියාවකට ගොස් තිබෙන බවද පොලිසිය කියයි.
මව රැකියාවට ගොස් සිටි අවස්ථාවේ ඉකුත් 05 වැනිදා දියණිය ඊට යාබද කාමරයේ තිබූ හකුරු වගයක් සොරකම් කළ බවට ඇයට දැන ගැනීමට ලැබීමෙන් පසුව ඇය ඇලුමිනියම් හැන්දක් ඇවිළෙන ළිපට දමා රත් කර දියණියගේ වම් අත , වම් කලව , දකුණු කලව , වම් දණහිස හා පිටුපස පුලුස්සා තිබෙනවා . දියණිය 07 වන වසර පන්තියේ අධ්‍යාපනය ලබන අතර පුතු පෙර පාසල් යයි.
දියණිය රාගම මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මව මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි